නාවුල සන්ධාන රැලියේදී තමාට හූ කීවේ මාතලේ සන්ධාන කණ්ඩායමේ අපේක්ෂකයකුගේ හා තවත් සල්ලිකාරයකුගේ පිරිසක් බවත් සංස්කෘතික හා කලා රාජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතා මාතලේ මාධ්‍ය හමුවක් අමතමින් අද (27) ප්‍රකාශ කළේය.
‘මේක මගේ ජයග්‍රහණයට වෙස් වලාගෙන පැමිණි ආශිර්වාදයක්. මේ ආරංචිය දැනගත් විගසම සන්ධානයේ අපේ පාක්ෂිකයන් මෙන්ම එජාප පාක්ෂිකයන් දැඩි කල කිරීමට පත්ව මෙයට විරුද්ධව ජනතාවට කරුණු දැක්වීමට ගෙන් ගෙට යාමට ඊයේ ඉඳලම පෙළ ගැසුණා‘ යැයිද ඒකනායක මහතා එහිදී කීවේය.
88/89 භීෂණ සමයේදී ශ්‍රීලනිපය බිඳ වැටුණු විට මාතලේ දිස්ත්‍රික්කය තුළ පක්ෂය බේරා ගත්තේ තමා බවත් මෙවැනි අය පහත් ක්‍රියාවල යෙදුණද තමන් පිරිපුන් දේශපාලනඥයකු වශයෙන් ඔවුනට අනුකම්පා කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

