‘හිරුණිකාට 24 පැයේ පොලිස් ආරක්ෂාව‘


කොලොන්නාවේදී දේශපාලන ගැටුමකින් මිය ගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ කොළඹ කුරුඳුවත්තේ පිහිටි නිවසට දවසේ පැය විසිහතර පුරාවටම පොලිස් ආරක්ෂාව ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව එම ආරක්ෂාව ලබා දී තිබේ.