සුජිත් හේවාජුලිගේ
මරණීය දණ්ඩනයට ලක්ව හිර ගෙවල්වල සිට නොයෙකුත් අපරාධ මෙහෙයවන සිරකරුවන් වගේම හිරකරුවන්ට ඒ කටයුතු සඳහා උදව් දෙන බන්ධනාගාර නිලධාරීන් ද එල්ලන්නැයි කොළඹ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කරයි.
ඇතැම් බන්ධනාගාර නිලධාරීන් මෙලෙස කටයුතු කිරිම ඒ පාතාල වැඩවලට අනියම් ආකාරයෙන් කරන උදව් කිරිමකැයි ද රහුමාන් මහතා ඒ ලිපිය මගින් පෙන්වා දී ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම්වලට හසුව අද හිරගෙවල්වල සිටින බහුතරයක් ද්‍රරිද්‍රතාව නිසා මෙවැනි ජාවාරම්වලට යොමු පහළ පන්තියේ අය බව පවසන මන්ත්‍රීවරයා මත්කුඩු ජාවාරම් මහා පරිමාණව කරන ප්‍රභූ ජාවාරම්කරුවන් බොහෝ දෙනා ඇතැම් දේශපාලනඥයින්ගේ ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සහයෙන් සුවසේ ජිවත්වන බවත් ප්‍රකාශ කළේය.
රජය පළමුව කළ යුත්තේ ඒ ප්‍රභූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අල්ලා එල්ලුම්ගස් යැවීම බවද මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේය.
තවද හිටිහැටියේ කෝටිපතියන් බවට පත්වුණූ බන්ධනාගාර නිලධාරීන් ගැන ද රජය වහා විමර්ශනයක් පැවැත්විය යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.