‘හිටපු ඇමති රවීගේ චෝදනා සනාථ කරන කරුණු කිසිවක් නෑ‘ - මහ බැංකු අධිපති


(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකා මහා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට විරුද්ධව හිටපු මුදල් ඇමති රවි කරුණානයක මහතා මධ්‍ය මගින් නගන චෝදනා සනාථ කෙරෙන කරුණු කිසිවක් ඉදිරීපත් කර නැතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.


පසුගිය දිනවල දිගින් දිගටම ශ්‍රී ලංකා මහා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහට විරුද්දව  හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් මාධ්‍ය මගින් චෝදනා නඟා තිබිණි.


නිවේදනයේ වැඩිදුරටත් මෙසේ දැක්වේ.


‘මහ බැංකු අධිපතිවරයා වශයෙන් මා විසින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ යුතු ව ඇත. විශිෂ්ට ආර්ථික විද්‍යාඥයෙකු වන ආචාර්ය වීරසිංහ මා  මෙතෙක් මහ බැංකු අධිපතිවරයා වශයෙන් කටයුතු කළ වසර දෙක තුළ දී බැංකුවේ කාර්යයන්ට අදාළ ව සුවිශේෂි දායකත්වයක් සිදු කළ නිළධාරියෙකි. හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් ඔහු ඉදිරිපත් කරන චෝදනා සනාථ කෙරෙන කරුණු කිසිවක් ඉදිරිපත් කර නොමැති බව ද අවධාරණය කිරීමට කැමැත්තෙමි.