(නිමල කොඩිතුවක්කු)
කිසිදු හිඟයකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව ලබා දීමට අවශ්‍ය බඩු තොග තිබෙන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ඉලමනාදන් මහතා පැවසීය.
අල, ලූණු, සීනි, පරිප්පු, කඩල, මුං ඇට ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිසිදු හිඟයකින් තොරව අඛණ්ඩව ජනතාව වෙත ලබා ලබා දීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි ද ඔහු ලංකාදීපයට සඳහන් කළේය.
මෙම භාණ්ඩ වලට අමතරව ඉදිරියේ දී තවත් භාණ්ඩ තොග ඇනවුම් කර ඇති බවත් ඒවා ඉදිරි දින කිහිපය තුළ ලැබීමට නියමිත බවත් ඉලමනාදන් මහතා පැවසීය.
මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළඳුන් වෙත ලබාදීම සඳහා සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

