‘හෑන්ස්‘ මත් පැකට් සමග අයෙක් දැලේ


( එච්. චන්දන )

පාසල් සිසුන්ට අලෙවි කිරීමට රැගෙන එමින් තිබූ බව කියන හෑන්ස් නම් මත්ද්‍රව්‍ය පැකට් තොගයක් සමග පුද්ගලයකු අද (12) අත් අඩංගුවට ගත් බව මුන්දලම පොලිසිය කියයි.

මදුරන්කුලිය පොලිස් මුරපොළේ නිලධාරින් විසින් සැක කටයුතු යතුරු පැදියක් පරීක්ෂා කරනු ලැබීමේදී මෙම මත් ද්‍රව්‍ය සොයා ගෙන තිබේ.