‘හැම පක්ෂයකම අයගේ අනාගතය බාරගන්නවා‘


ජනතාව පීඩනයට පත් කරපු යම පාලනයෙන් මිදී 17 වැනිදා එතුමා යටතේ නියම යහපාලනයක් ඇති කරන්න කියා හිටපු ජනපති කියනවා. මේ යහපාලනය කරන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ මුල් ආසනය ගන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනපති එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති. සන්ධානයේ සභාපති. මහින්ද රාඡපක්ෂ කියන්නෙ අපිට තේරෙන විදිහටනම් මේ යම පාලනය ගෙනියන්නෙ තමන්ගෙ පක්ෂේ නායකයා බව යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගෙලිඔය පැවැති ඡන්ද රැස්වීමකදී කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටට ඡන්දෙ දෙන අය අසරණ වී ඇති බවත් තමන්ට රජයෙන් වැඩක් කරගන්න පුළුවන් වෙයිද නැතිනම් ඡන්දය නොදී ගෙදර ඉමුද කියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය දෙන අය සිතන බවත් ඒ අයගෙන් එක්සත්ජාතික පක්ෂයට ඡන්දය ‍දෙන ලෙස ඉල්ලා සිටින බවත් මොන පක්ෂයට අයිති වුණත් ඔවුන්ගේ අනාගතය භාරගන්නා බවත් අග්‍රාමාත්‍ය වරයා පැවැසිය.

ranil

vlcsnap-2015-08-02-18h13m28s141

vlcsnap-2015-08-02-18h21m47s225