සෙනසුරාදා අතුරුදන්ව සිටි උඩවලව ඇත් අතුරු සෙවණේ ‘හාමු‘ නමැති අලි පැටවා වීරසිංහ තොටුපළ අසල තවත් අලියකු සමග රැඳී සිටියදී වනජීවී නිලධාරීන්ගේ දැඩි පරිශ්‍රමය මත නැවත රැගෙන ආ බව එහි සේවකයෝ කියති.
මෙම අලි පැටවා පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ විහාරාධිපති කොළොන්නාවේ සුමංගල හිමියන් බාරව සිටි අතර පසුගියදා වනජීවී භාරයට ගෙන උඩවලව ඇත් අතුරු සෙවණට බාර කෙරිණි.

