‘හා හා හරි හාවා‘


මෙරට හඬ කැවීමේ කලාවේ පුරෝගාමියා ලෙස සලකන කලාසූරී ටයිටස් තොටවත්තයන්ගේ නමින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හඬකැවීමේ ප්‍රධාන මැදිරිය නම් කිරීමේ උත්සවය ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාලිතක මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු විය.

තොටවත්ත මහතාගේ බිරිඳ සුජාතා තොටවත්ත මහත්මිය ද මේ අවස්ථාවට එක්වූවාය.

ශ්‍රී ලංකා රූපවාහිනී හඬ කැවීම් අංශයේ දීර්ඝ කාලයක් සේවය කළ ශීලා කටුගම්පොළ, එච් චර්චිල් සහ රංජිත් ද සිල්වා යන ජ්‍යෙෂ්ඨ ශිල්පීහූ තිදෙනා ද උපහාර ලදහ.

විශේෂඥ ශල්‍ය වෛද්‍ය රුවන් ඒකනායක තොටවත්තයන් පිළිබඳ සැමරුම් දේශනය පැවැත්වීය.

හා හා හරි හාවා, බෑයි කියලා බෑයි කියල බෑ වැනි කුඩා ළමයින් අතර අතිශය ජනප්‍රිය කාටුන් ගිත ද මෙහි දී කුඩා ළමෝ එක්ව ගායනා කළහ.

RDS_7603 RDS_7631 RDS_7655 RDS_7656

ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා