‘හෂීස් සුද්දා‘ රැඳවුම් බාරයට
සිනමා නිළි ඇන්ජලා සෙනෙවිරත්න නමට ඉන්දියාවෙන් එවූ පොත් අතර තුබූ හෂිස් මත් කුඩු ග්‍රෑම් 366ක් සහිත පාර්සල් තුනක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවෙන් බාර ගැනීමට ආ බව කියන බ්‍රිතාන්‍ය ජාතික බ්‍රටන් සාවුල් රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට අවසර දුන්නේය. ඔහු සමග ආ අනෙක් විදේශකයා පැන ගිය බව පොලිසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතාට දැන්වීය. මේ පාර්සල් ඉන්දියවෙන් තැපැල් කැර ඇත.

