‘හෂිස්‘ සමඟ ඇල්ලු විදේශිකයා රඳවා ප්‍රශ්න කිරීමට නියෝග



(ටෝනි කරුණානායක) 
 රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා  හෂිස් මත් ද්‍රව්‍ය කිලෝ පහයි ග්‍රෑම්  272 ක් සිය  ගමන් බෑගයේ සඟවා කටුනායක ගුවන් තොටුපොලින්  තායිලන්තය බලා ගමන් කිරීමට උත්සාහ කරමින් සිටියදී අත්අඩංගුවට ගත්   ඉතාලි ජාතිකයෙකු ලබන 04 වැනිදා තෙක් රඳවා ප්‍රශ්න කිරීමට මිනුවන්ගොඩ  වැඩබලන මහෙස්ත්‍රාත්  මංගල වර්ණකුලසුරිය මහතා  නියෝග කළේය.

33 හැවිරිදි මෙම ඉතාලි ජාතිකයා  28 වැනිදා  ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්   පිටත්ව යාම සඳහා   පැමිණ සිටියදී මෙසේ අත්අඩංගුවට පත් වී තිබිණි. 

ඔහුගේ ගමන් බෑගයේ විශේෂයෙන් සැකසු පතුලක මෙම මත් කුඩු සඟවා තිබියදී රේගු නිලධාරීන් සොයාගෙන තිබිණි.