‘හරි මග පෙන්වන්න වියතුන් ඉන්නවා‘


අද නව දේශපාලන සංස්කෘතියකට රට යොමුවී ඇති බවත් එය අර්ථවත්වීමට වියතුන්ගේ උපදෙස් හා මග පෙන්වීම අවශ්‍ය යැයි මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමියෝ පැවසූහ.

කොළඹදී අද වියතුන්ගේ හඬ සංවිධානය මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් එම අදහස් පළ කළේය.

රටේ ඇතිවන්නාවූ විවිධ ජාතික, ආගමික හා සංස්කෘතික ප්‍රශ්න පිළිබඳ ජනතාව දැනුම්වත් කර ක්‍රියාත්මක කිරීමට වියතුන්ගේ අදහස් අවශ්‍යවී තිබෙනවා. අපි කරන්නේ එම කාර්ය භාරයයි. ඉකුත්දා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාව ශ්‍රි ලංකාව තුළ අහිතකර ප්‍රතිවිපාක ඇතිවන්නට බොහෝ දුරට ඇතිවන්නට ඉඩ ඇතැයි වියතුන්ගේ හඬ සංවිධානය විශ්වාස කරන බවද ඒ හිමියෝ කීහ.

web_wajira_20151015