‘හමුදාවයි කොටියයි යුද අපරාධ කරලා : වැරදිකරුවන් පන්නනු‘


ශ්‍රී ලංකා රජයේ හමුදා හා කොටි කැරැළිකරුවන් සමූහ ඝාතන ඇතුළු යුද අපරාධ සිදුකළ බව බොහෝ දුරට පෙනී යතියි කියන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ජාත්‍යන්තර විනිසුරුවරුන්ගෙන්ද සමන්විත විශේෂ අධිකරණයකින් ඔවුනට එරෙහි නඩු විභාග කළ යුතුයැයි යෝජනා කරයි.

යුද සමයේ සිදුවූ අපරාධ ගැන දේශීය වශයෙන් වගවීම සඳහා දේශීය පරීක්ෂණයක් ඇරඹීමට මෛත්‍රිපාල සිරිසේන ජනපති දුන් ප්‍රතිඥාව නොතකා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පවසනුයේ එවැනි සුවිසල් කාර්යයක් සඳහා ශ්‍රී ලංකාවේ අපරාධ යුක්ති පටිපාටිය ප්‍රමාණවත් නොවන බවයි.

2009 දී අවසන්වූ යුද්ධයේදී මානව හිමිකම් කඩ කළැයි සාධාරණ හේතු ඇති හමුදා හා ආරක්ෂක හමුදාවන්හි පිරිස් හා වෙනත් නිලධරයන් ඉවත් කරන ලෙසද එම වාර්තාව ඉල්ලයි.

එම වාර්තාව ඉදිරිපත් කරමින් කොමසාරිස් අල් හුසේන් කීවේ මෙම ඵෙතිහාසික අවස්ථාව සැබැවින්ම ප්‍රයෝජනයට ගැනීම ශ්‍රී ලංකාවට තීරණාත්මක කාර්යයක් බවයි. එය ලිස්සා නොහැරිය යුතු බවද ඔහු කියයි.

අල් හුසේන්ගේ වාර්තාව පිටු සියයක් පමණ වන අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ත්‍රස්තවාදය අවසන් කිරීමේදී 40,000ක් පමණ දෙමළ ජාතිකයන් අවසන් සටනේදී මරා දැමුණු බවද එහි සඳහන්වේ.

UN2015916789257-01-02 UN2015916789257-01-022

(පරිවර්තන සහාය - හර්ෂණ තුෂාර සිල්වා)