යුද ජයග්‍රහණයෙන් මෙරට ආරක්ෂක හමුදාවට හිමි වූ ගෞරවය කෙළසීමට කිසිවෙකුට ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) කීවේය.
ජනපති එලෙස කීවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
රටේ ජනාධිපතිවරයා, සේනාධිනායකයා, ආරක්ෂක අමාත්‍යවරයා හා ප්‍රධාන මහජන සේවකයා ලෙස ආරක්ෂක හමුදාවන්ගේ ගෞරවය ආරක්ෂා කරන බව ද ජනපති පැවසීය.
ඵෙතිහාසික යුද ජයග්‍රහණයට සම්බන්ධවූවන් අවතක්සේරුවට හෝ අගෞරවයට ලක්වීමට ඉඩ නොදෙන බව ද ජනපති කීවේය.
රටේ සිටින හෝ රටින් පිට සිටින කිසිදු පාර්ශවයකට ශ්‍රී ලංකාවට ඇඟිලි දිගුකිරීමට නොහැකි ලෙස මෙරට වගකිවයුත්තන්ගේ වගකීම් නොපිරිහෙලා ඉටුකළ යුතු බවත්, කුමන අභියෝග පැමිණිය ද නොසැළී නොපසුබටව යුද ජයග්‍රහණය රැකගැනීමට අවශ්‍ය කටයුතු කළ යුතු කරන බව ත් සිරිසේන මහතා පැවසීය.
(ජායාරූප හා විඩියෝ ජයමාල් චන්ද්‍රසිරි)






