මාතර දිස්ත්‍රික්ක් අපේක්ෂක සුනිල් හඳුන්නෙත්ති මහතා ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට තීරණය කළේ ඡන්දෙන් පසු ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම් නිසා බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා කියයි.
හඳුන්නෙත්ති මහතා පරාජිත අපේක්ෂකයකු ලෙස පිළිගත නොහැකි බවත්, ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් නොවුනේ පක්ෂ අපේක්ෂකයන් අතර තරගයකින් මනාප අඩිවී නොව පක්ෂයට ලැබුණු ඡන්ද ප්‍රමාණය මදක් අඩුවීම නිසා බවත් ඔහු පවසයි.
ඇතැම් දිස්ත්‍රික්කවල තම පක්ෂයට මන්ත්‍රී ධුරයක් නොලැබුණේ ඡන්ද 700ක් අඩුව බවත් ඔහු සඳහන් කරයි.
එවැනි දිස්ත්‍රික්වලින් තේරී පත් නොවූ මන්ත්‍රීන් පරාජිත අපේක්ෂකයන් ලෙස හැඳින්වීම සුදුසු නොවන බව ඔහු පවසයි.

