(විනීතා එම් ගමගේ)
හදිසි නීතිය දීර්ඝ කිරීම මේ අවස්ථාවේ සිදුවන්නේ අවසන් වතාවට යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා ප‍්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා එසේ කීවේ මෙම පුවත්පත් සාකච්ඡාව සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ නියෝජිතයා වශයෙනි.
රට නැවත සාමකාමී මට්ටමකට පැමිණ ඇතැයි ආරක්ෂක අංශ මේ වනවිට දන්වා ඇතැයි කී අමරවීර මහතා තවදුරටත් මේ වතාවේ හදිසි නීතිය දීර්ඝ කරන්නේ තානාපති කාර්යාල හා සමහර පාසල්වලින් කර ඇති ඉල්ලීමක් නිසා යැයි ද කියා සිටියේය.
කෙසේ වෙතත් ආරක්ෂාව ගැන ඇති අවධානය කිසිසේත්ම අඩු නොකරනු ඇතැයි කී අමරවීර මහතා ආරක්ෂක අංශ ඒ පිළිබඳ අවධාරණය කර ඇතැයි ද සඳහන් කළේය.
මහින්ද අමරවීර මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (20) පැවැති පක්ෂයේ මාධ්‍ය හමුව අමතමිනි.

