‘සෝමවංශ ගියත් තනියමයි‘ - ටිල්වින්


සෝමවංශ අමරසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණට යළි සම්බන්ධ කර ගැනීමේ සාකච්ඡා පැවැත්වෙන බව ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතා කියයි.

අමරසිංහ මහතා සමග ජවිපෙන් තමා හෝ කිසිවකු නොයන බවත් ඔහු අවධාරණය කරයි. එවැනි කටකතා දැන් පැතිරෙන බවද එසේ කියා ඇති මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලට එරෙහිව නීති මගින් ක්‍රියා කරන බවද ඔහු කියයි.