
(යොහාන් භාසුර)
කැලණිතිස්ස ‘සොජිට්ස්’ බලාගාරය ක්‍රියාත්මක කිරීමට ඉන්ධන නොමැතිවීම නිසා අද (15) පෙරවරුවේ සිට එම බලාගාරය අක්‍රීය වී ඇති බව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම බලාගාරය අක්‍රීය වීමත් සමඟ ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 160 ක විදුලි ප්‍රමාණයක් අහිමිවන බවත් එම නිලධාරියා කීය.

