රටේ සෞඛ්‍යය හා අධ්‍යාපනය සඳහා වෙන්කරන මුදල් ප‍්‍රතිපාදන ඉහළ නංවා ඇති බවත් එමඟින් ජනතාවට වඩා වැදගත් ආකාරයට සෞඛ්‍ය හා අධ්‍යාපන සේවාව ලබාදීමට කටයුතු කරන බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (12) මීගමුව දිස්ත‍්‍රික් මහ රෝහලේ නව තෙමහල් හා දෙමහල් ගොඩනැඟිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය.
රුපියල් මිලියන 200 ක වියදමකින් දින 50 ක කාලයක් තුළ වර්ග අඩි 58,000 ක අවකාශයක මෙම ගොඩනැඟිලි සංකීර්ණය ඉදිකර ඇත. මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තිසාන් ජයසිංහ මහතාගේ සැළසුමකට අනුව මීගමුව දිස්ත‍්‍රික් මහ රෝහලේ එවකට අධ්‍යක්ෂ චම්පා අලූත්වීර මහත්මියගේ පරිපාලන කාලය තුළ මෙම ගොඩනැඟිලි සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ වී ඇත. මීගමුව මහ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප‍්‍රනාන්දු මහතාගේ සම්බන්ධීකරණයෙන් ගොඩනැඟිල්ල ඉදිකර ඇත.






