අකාලයේ මිලින වී ගිය පුංචි සේයා දුව වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරිම ප්‍රමාදයි පවසමින් අද දින (20) බඩල්ගම පැවැති විරෝධයට 1000කට අධික පිරිසක් සහභාගි වී සිටියහ. තුම්මෝදර,කෙහෙල්ඇල්ල ඔස්සේ බඩල්ගමට පැමිණි ජනතාව බඩල්ගම මංසන්දියේ දී ටයර් පුළුස්සා පැය තුනක් පමණ මාර්ගය අවහිර කරමින් ඉල්ලා සිටියේ පුංචි දැරිවියගේ ඝාතකයාට ඉතා ඉක්මණින් මරණිය දණ්ඩනය පමුණුවන ලෙසයි.







