‘සේනා‘ හානියට වන්දි දීම අම්පාරෙන් ඇරැඹීමට යයි


සේනා දළඹුවාගේ උවදුරෙන් පීඩාවට පත් ගොවින්ට වන්දි ලබා දීමේ පළමු අදියර අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
 
පිඩාවට පත් පූර්ණ හානි සිදුවූ ගොවීන් 307ක් සඳහා මෙහිදී වන්දි ලබාදෙන බවත්, හානි වූ එක් අක්කරයක් සඳහා රජය විසින් රුපියල් 40,000ක් පිරිනැමීමට කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
 
 මේ වෙනුවෙන් රජය රුපියල් මිලියන 16ක් වැය කරනු ලබයි.
 
 කෘෂි රක්ෂණ මණ්ඩලය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, අම්පාර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් හානි සමීක්ෂණය සිදු කර ඇති අතර  මෙම ගොවින් සඳහා වන්දි ප්‍රදානය මාර්තු මස 10 වැනිදා සිදු කිරීමට නියමිතය.
.

අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය, පදියතලාව, අක්කරෙයිපත්තුව, එරගම, කල්මුනෙයි, නාමල්තලාව, පොතුවිල්, මඩාතගම, මධ්‍යම කදවුර ගොවිජන සේවා කොට්ඨාස තුළ සේනා දළඹු හානියෙන් පූර්ණ හානි වූ ගොවීන් වෙනුවෙන් වන්දි ප්‍රදානය සිදු කරනු ලබයි.
 
 

(36698)