ක්‍රීඩා කිරීම හොඳ දෙයක් වුවත් අන් අයගේ ජීවිතවලට තර්ජනයක් වන පරිදි කරන ක්‍රීඩා නතර කරන ලෙස පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා පානදුර ශාන්ත ජෝන් ජාතික පාසලේ විදුහල්පති තිලක් ද සිල්වා මහතාට අවවාද කළේය.
මුදල් අය කර පිටස්තර ක්‍රීඩා සමාජවලට විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ ක්‍රිකට් තරඟ පවත්වන්නට ඉඩ දී ඇති හෙයින් ලෙදර් බෝල වැදී අසල්වැසි නිවාසවල දොර ජනෙල් සහ වෙනත් දේපොළවලට හානි වෙතියි ගම්වාසීහු පිරිසක් විදුහල්පතිට එරෙහිව පැමිණිලි කළහ.
පාසල් ක්‍රීඩා පිටියේ සෙල්ලම් කිරීමේ දී අසල්වැසි නිවාසවලට සිදුවන පීඩා වලක්වා ගැනීමට මාසයක් ඉක්මෙන්නට පෙර ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ද මහේස්ත්‍රාත් නියෝග කළේය.

