‘අපි බලයට පත්වුණොත් පාර්ලිමේන්තුවේ සෙංකෝලය අරගෙන දුවන බව ඇතැම් මන්ත්‍රීවරු කියා තිබුණා. ඒ අයට සෙංකෝලය අරන් මහින්ද රාජපක්ෂ හදපු හම්බන්තොට සූරියවැව පිට්ටනිය වටේට ගිහින් දුවන්න කියලා මම කියනවා.‘ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා බණ්ඩාරගම මිල්ලනියේ පැවති එජාප රැලියකට එක්වෙමින් පැවසීය.
‘දැන් පාක්ෂිකයන්ට ගහනවා. එහෙම උන්මත්තකයකුට රට බාරදෙනවාදැයි ඔබලා කල්පනා කර බලන්න‘ යැයිද අගමැතිවරයා එහිදී කීවේය.





