‘සුසිල් අනුර යළි පත් නොකළොත් වැඩ වරදීවි‘


මරණාධාර සමිතියක්වත් නොකරන තාලෙට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සන්ධාන හා ශ්‍රීලනිප ලේකම්වරුන් ඉවත් කිරීම නොපිළිගන්නා බවත්, ඔවුන් යළි සේවයේ නොපිහිටවුවහොත් සිරිකොත සැලැස්ම පරාජය කිරීම සඳහා ‘ප්ලෑන් බී‘ මෙහෙයුමක් අරඹන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල සිය නිවසේ දී පුවත්පත් සාකච්ඡාවක් කැඳවමින් කීවේය.