මෙවර ඉන්දියා සංචාරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පුළුල් ආර්ථික සහයෝගිතා ගිවිසුමක් (සීපා) ගැන සාකච්ඡාවක් හෝ අවසන් තීරණයක් නොගනු ඇතැයි සංවර්ධන උපාය මාර්ග හා අන්තර්ජාතික වෙළඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා කියයි.
වික්‍රමසිංහ මහතා සහ ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි එම ගිවිසුම අත්සන් කරනු ඇතැයි ඇතැම් දේශපාලනඥයන් ගෙන යන ප්‍රචාරය ඔහු ප්‍රතික්ෂේප කරයි.
මෙවැනි තීරණාත්මක ගිවිසුමක් අත්සන් කිරීමට පෙර ඉතා සියුම් ලෙස පරීක්ෂා කළ යුතු අංශ ගණනාවක් ඇතැයි ඇමැතිවරයා පවසයි.
විමල් වීරවංශ මහතා මේ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් දක්වන අතර එය අත්සන් කිරීමෙන් ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොලනියක් වනු ඇතැයි පැවසීය. නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ රටේ ජනතාවට හොරෙන් මෙම ගිවිසුම අත්සන් කිරීමට යන බවයි.

