ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවට රට පාලනය කරන්නේ ඊළඟ අගමැතිවරයා බවත් පරිවාස ආණ්ඩුවක් හැදූ චන්ද්‍රිකා මැතිනියගේ කාලයේ රට පාලනය කළේ ඇය නොව ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරු 10 දෙනා බවත් ස්වාධීන පුරවැසියන් බල ගැන්වීමේ ජාතික සංවිධානය අද (23) කොළඹ විශ්ව විද්‍යාලයේ නව කලාගාරයේ පැවති සංවාදයකදී පැවසීය.
මහින්ද රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහගේ ඉතිහාසය රටේ ජනතාව දන්නා බවත් ආණ්ඩුවේ පළමු දින 10 දෙමළ බෙදුම්වාදය ශක්තිමත් කළ බවත් අපේ රටේ අනාගතය ගැන සිහින බොඳ කිරීමට එක්සත් ජාතික පක්ෂයට ඉඩ නොදෙන ලෙසත් ගම්මන්පිල මහතා එහිදී කීවේය.
එම අවස්ථාවට ආචාර්ය මයිකල් ප්‍රනාන්දු, ආචාර්ය නාලක ගොඩහේවා සහ ආචාර්ය හර්ෂ ද සිල්වා යන පිරිස එක්ව සිටියහ.



