(රන්ජන් කස්තුරි සහ මනෝජ් හර්ෂික)
පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තමාගේ ආරක්ෂකයින්ද අනුයුක්ත කරන්නැයි විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අදාළ අංශවලට දැනුම් දුන් බව එම අමාත්‍යංශය සඳහන් කරයි.
තමාගේ ආරක්ෂාව තමා විසින්ම සපයාගැනීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් රවී කරුණානායක මහතා සිය ඇමැති ආරක්ෂකයින් පාසල් සිසුන්ගේ ආරක්සාවට යෙදවූ බවද එම අමාත්‍යංශය පවසයි.
ඒ අනුව ඇමතිවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් පාසල්වල ආරක්ෂක කටයුතු වෙනුවෙන් නිදහස් කර ඇතැයිද විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය පවසයි.

