‘සිල්ලර සංවිධාන බොදු බලේට මඩ ගහනවා‘


සිල්ලර සංවිධාන හා ඊනියා විද්වතුන්ගේ මාධ්‍ය සංදර්ශන වලින් බොදු සේනාව තව දුරට ශක්තිමත් වන බව   බොදු බල සේනා සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ඩිලන්ත විතානගේ මහතා කියයි.

කුමන්ත්‍රණකරුවන් සිය හෙළුව වසාගැනීමට හා බොදු බලය දුර්වල කිරීමට එහි නායකයින්ට මඩ ගැසීම අරඹා ඇති බවත් ඇතැම් දේශපාලකයින්  බොදු බල සේනාව තස්ත්‍රවාදි මිනිමරු ජාතිවාදී හා රාජපක්ෂ රජයෙන් උපන් සංවිධානයක් ලෙස  වැරැදි මත සමාජගත කිරීමට නිර්ලජ්ජි උත්සාහයක් ගන්නා බවත් ඔහු කියයි.