‘සිරිපාදේ ගිහින් දිවා ගුහාවත් වඳින්න‘


‘දිවා ගුහාව‘ නමින් හැඳින්වෙන ස්ථානයක් නල්ලතන්නිය-හැටන් මාර්ගයේ ශ්‍රී පාදපද්මයට මීටර් සියයක් පහළින් ඇතැයි ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමියෝ කියති. පුරා විද්‍යා නිලධරයන් ද එහි පැමිණි බවත්, ලක්ෂපාන යුද හමුදා කඳවුරේ නිලධරයන් එම පෙදෙසේ කැලය එළි කරන බවත්, මෙවර ශ්‍රීපාද සමයේදී වන්දනා කරුවනට එහි යෑමට පහසුකම් සලසන බවත් ධම්මදින්න හිමියෝ කියති. එහි ඇති ගල් ගුහාවේ ගලක සෙල් ලිපියක්ද, නිශ්ශංක මල්ල රජුගේ රූපයක්ද කොටා ඇතැයි නාහිමියෝ කීහ. 27 වැනි උඳුවප් පෝදා සිරිපා සමය ඇරඹී ලබන වසරේ වෙසක් පොහොයෙන් අවසන් වේ. ඡායාරූප - රංජිත් රාජපක්ෂ