එක්සත් භික්ෂු පෙරමුණ එක්සත් ජාතික පක්ෂයට ඉදිරිපත් කළ යෝජනාවලිය ඉටුවුණේද නැද්ද යන්න සම්බන්ධයෙන් එම පෙරමුණේ අනුශාසක ගිරාඹේ ආනන්ද අනුනාහිමියන් ඇතුළු නව නායකත්ව මණ්ඩලය පිළිගන්නා භික්ෂූන් වහන්සේලා සමඟ විවාදයකට සූදානම් යැයි එක්සත් භික්ෂු පෙරමුණේ සාමාජික උලපනේ සුමංගල හිමියෝ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසූහ.
එක්සත් භික්ෂු පෙරමුණේ මතභේද පැවැතියත් තවමත් එය දෙකඩ වී නැතැයි කී උලපනේ සුමංගල හිමියෝ තමන් කිසිදු විටෙක සජිත් පේ‍්‍රමදාස මහතාට කඬේනොයන බවද කීහ.
පෙරමුණේ අනුශාසක ගිරාඹේ ආනන්ද අනුනාහිමියන් එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්ව මණ්ඩලය පිළිගත්තත් තමන් වහන්සේ ඇතුලුව සිය පෙරමුණ නියෝජනය කරන භික්ෂූන් විශාල පිරිසක් එය නොපිළිගන්නේ යැයි ද සුමංගල හිමියෝ පැවැසූහ.
නව නායකත්ව මණ්ඩලයත නිකරම අංගවිකල දරුවෙක් යැයි ද උන්වහන්සේ කීහ.