‘සිරිකොතයි රනිලුයි රකිනවා‘
සිරිකොතට හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ආරක්ෂාව සලසාදීමට රජය සූදානම් යැයි දී.මූ. ජයරත්න අගමැතිවරයා පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය. තමාට මරණීය තර්ජන ඇතැයි වික්‍රමසිංහ මහතා පෙරදින ප්‍රකාශයක් කෙළේය. ‘‘සිරිකොතේ කැඩුණු බුදුපිළිමය හදමු. පක්ෂ මූලස්ථානය රකිමු. තුවලකුරුවන් සිටී නම් ජනපති අරමුදලෙන් හෝ වියදම් කර සුවපත් කරමු. එක්සත් ජාතික පක්ෂයට ආරක්ෂාව කරමුයි‘‘ අගමැති කීවේය.

