(රංජන් කස්තුරි)
දෙවන වාරය සඳහා පාසල් විවෘත කිරීමට පෙර දිවයින පුරා සියලුම පාසැල් පරිශ්‍ර දැඩි සෝදිසියකට ලක් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සහාය ඇතිව එම පරීක්ෂා කිරීමේ කටයුතු සිදුකරන බවද ඇමතිවරයා කීය.
පාසැල් පරිශ්‍ර සෝදිසි කිරීම පිළිබඳව සියලුම ආරක්ෂක ප්‍රධානීන් දැනුවත් කර තිබෙන බවද ඒ අනුව ලබන සඳුදාට (29) පෙර එම කටයුතු සිදුකෙරෙන බවද අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

