‘සියලු දෙනා එක්වූ සම්මුතිවාදයෙන් ඉදිරියට යමු‘


එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තු බලය හිමිවී තිබෙනවා. පත්වන නව ආණ්ඩුවේ අගමැතිධූරය මා භාර ගන්නේ සම්මුතිවාදයක් ගොඩනගන්න. පසුගිය ජනවාරි 08 වැනිදා අපි ඉදිරිපත් කළ යහපාලන ප්‍රතිපත්තිය ජයග්‍රහණය කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව යහපාලන ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයාමට අපට ජනතා වරමක් ලැබී තිබෙනවා.

අපි මේ වෙලාවේ සියලු පක්ෂවලට ආරාධනා කරනවා ජාතික කර්තව්‍යයකට එක්වන්න කියා. සම්මුතිවාදයෙන් ඉදිරියට යන්න රජයට එක්වී ඇමති හා නියෝජ්‍ය අමාත්‍ය ධූරයන්හි වගකීම් භාර ගැනීම හෝ පාර්ලිමේන්තුවේ ඇතිකරන තනතුරු භාර ගැනීම කියන විකල්ප දෙකෙන් එකක් තෝරාගැනීමට පුළුවන්. අපි පාර්ලිමේන්තු තේරීම්කාරක සභා පිහිටුවනවා. දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ මණ්ඩල පිහිටුවා ඒවාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සභාපතිවරු ලෙස පත්කරනවා. සිවිල් අංශයෙන් උපදේශක සභා ඇතිකරලා වගකීම් භාර දෙනවා.

සම්මුතිවාදයට එක්වන අයට තමන්ට කැමති විකල්ප තෝරාගත හැකියි. සියලු දෙනා එකතුවී පරණ දේශපාලනය පැත්තකට දාලා මූලික ප්‍රශ්නවලට එකඟතාව ඇතිකරගෙන යමු. අවුරුදු පහක් බලමු. නැතිනම් අවුරුදු දෙකක් බලමු. මා අගමැති ධූරයේ දිවුරුම් ගත්තාට පසු සම්මුතිවාදයෙන් යන පාර්ලිමේන්තුවේ යහපාලනය අනුමත කර කටයුතු කළ හැකියි.

‘නීතිගරුක මැතිවරණයකට මුහුණ දුන්නා. ඉදිරියට ගිහින් ප්‍රශ්න විසඳලා දුක් විදින අයට යහපත ඉටුකරන පාලනයක් ඇතිකරමු.‘ යැයිද වික්‍රමසිංහ මහතා කීවේය.

GLA_1450 GLA_1459 GLA_1514