මෙරට තුළ සැබෑ ජාතික සංහිදියාවක් සහ වගවීමේ ක්‍රියාවලිය ඇති කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස යුරෝපා සංගමය නව රජයෙන් ඉල්ලයි.
පසුගියදා අවසන් වුණු පාර්ලිමේන්තු මැතිවරණය ඉතා සාමකාමීව හා අව්‍යාජව පැවැත්වු බව යුරෝපා සංගමය කියයි. ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සඳහා සහයෝගය ලබාදීම සඳහා ඉතා උනන්දුවෙන් ඡන්දය භාවිත කළ බව ද සංගමය පෙන්වා දෙයි.
යහපාලනය වැඩිදියුණු කිරීම, මානව හිමිකම් ක්‍රියාත්මක කිරීම සහ නීතියේ ආධිපත්‍ය සුරැකීම වැඩි ඉඩක් දෙන්නැයි එම සංගමය නව රජයෙන් ඉල්ලයි.
මේ සඳහා සියලුම දේශපාලන පක්ෂවල සහය හිමිවිය යුතු බවත් එමෙන්ම යුරෝපා සංගමයේ සමීපතම දිගුකාලීන පාර්ශවකරුවෙකු වන ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික සහ ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් තමන් ශ්‍රී ලංකා රජයට සහයෝගය ලබාදෙන බව යුරෝපා සංගමය කියයි.

