ඝාතනයට ලක්වුයේ යැයි සැක කෙරෙන රගර් ක්‍රීඩක වසීම් තාජුඩින්ගේ ගොඩගත් දේහය ඔහුගේම බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා එසැණට පැවසීය.
ඇතැම් මාධ්‍ය කියා සිටියේ ගොඩගත් සිරුර පිළිබඳව සැකයක් පවතින බවයි. රගර් ක්‍රීඩකයාගේ ඝාතනය පිළිබඳව පරීක්ෂණ ආරම්භ වී කලක් යනතුරු සිරුර මිහිදන් කළ ස්ථානයට කිසිදු ආරක්ෂාවක් නොතිබූ බවත් සති දෙකකට ප්‍රථම ආරක්ෂාව දැමීමට පෙර ඔහුගේ සිරුර අස්ථාන ගත කිරීමටත් වෙනත් සිරුරක් එම ස්ථානයේ තැන්පත් කිරීමටත් යමෙකුට අවස්ථාව තිබුනේ යැයි එම මාධ්‍ය පැවසීය.
ඒ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක මෙසේ කීවේය.
‘එහෙම වෙන්න විදියක් නැහැ. ඔහුගේ පවුලේ අය සිරුර හඳුනා ගත්තා. ඔවුන් ඉදිරියේදී සිරුර ගොඩගත්තේ. අවශ්‍ය නම් ඩී.එන්.ඒ පරීක්ෂණයකුත් කරන්න පුළුවන්.

