( පුෂ්පකුමාර ජයරත්න )
රටේ සාහිත්‍ය මාසය ලෙස හඳුන්වන සැප්තැම්බර් මාසය ඉදිරියේ එන මැතිවරණයක් නිසා රටේ රස්සා දෙන මාසය බවට පත්ව ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (18) කුරුණෑගලදී පැවැති උත්සවයකදී ප්‍රකාශ කළේය .
වයඹ පළාත් සභාව විසින් වයඹ පළාත් රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරි ගුරුවරුන් දෙදහසකට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සඳහා පැවැති උත්සවයට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය .
කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහලේ ක්‍රීඩාංගණයේදී ගුරු පත්වීම් ලබාදීමේ මෙම උත්සවය පැවැත්විණි .
මෙම උත්සවයට පැමිණ සිටි පිරිස ඇමතූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය .
සැප්තැම්බර් මාසය නම් කරලා තියෙන්නේ අපේ රටේ සාහිත්‍ය මාසය කියලයි . නමුත් ජනාධිපතිවරණයක් නිසා ලබන මාසේ පළමුවැනිදා ඉඳලා රස්සාවල් දෙන්න බැරි නිසා මේ මාසය රටේ රස්සා දෙන මාසය බවට පත් වෙලා තියෙනවා .
අපි අද කොළඹ ඉඳලා එනකොට කොල්ලුපිටිය බම්බලපිටිය පැත්තේ ලොකු මාර්ග තදබදයක් තිබුණා . අරලියගහ මන්දිරයේ උදේ ඉඳලා දහස් ගණනකට රස්සාවල් දෙන නිසා ඒ තදබදය ඇති වෙලා තිබුණා . මේ දවස්වල අමාත්‍යාංශ වලත් එහෙමයි .
මැතිවරණ නීතියට අනුව මැතිවරණයක් ප්‍රකාශ කළාට පස්සේ රාජ්‍ය සේවාවට රස්සා දෙන්න බැහැ . මේ නිසාම මේ අවුරුද්දේ සාහිත්‍ය මාසය රස්සා දෙන මාසයක් බවට පත්වෙලා තියෙනවා .
අධ්‍යක්ෂ අමාත්‍යාංශය විසින් සිදු කරන ලද සමීක්ෂණයකට අනුව ගුරු සේවයේ පමණක් ලක්ෂ දෙකක් පමණ සිටිනවා . මෙයින් සියයට දහයක පමණ පිරිසක් මේ ගුරු සේවයට සුදුසුකම් සපුරා නැති පිරිසක් බවට මේ සමීක්ෂණයේදී අනාවරණය වෙලා තිබෙනවා . ඔවුන් සියඵ අධ්‍යාපන සුදුසුකම් සපුරා තිබුණත් පන්ති කාමරය තුළදී ඉගැන්වීමේ හැකියාව නැති බව හෙළි වෙලා තිබෙනවා .
අපේ රටේ සංඛ්‍යා ලේඛණ වලට අනුව ලංකාවේ රස්සා නොමැති සංඛ්‍යාව නැත්නම් විරැකියාව සීයට පහක් හයක් පමණ වෙනවා . රාජ්‍ය අංශයේ පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය සේවය ගත් විට කම්කරු කොමසාරිස්තුමාගේ අඵත්ම වාර්තා වලට අනුව ලක්ෂ අසූ දෙකක් පමණ සේවයේ යෙදී සිටිනවා . මේ සංඛ්‍යාවේ සේවයට කැපවීම නම් හෟද සාක්ෂියෙන් විමසා බැලිය යුතුව ඇතැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.

