‘ස්වාධීන කොමිෂන් ළඟ ළඟම එනවා‘


 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් පුරවැසියන් පත් කිරීම පිළිබඳ අවසන් තීරණයක් ගන්නා තුරු දැනට පත් කර සිටින සාමාජිකයන් හත් දෙනාගෙන් එහි කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම ඇතුළු ව්‍යවස්ථාදායක සභාව මගින් කළ යුතු කටයුතු ඒ අනුව කෙරෙන බව ද ඇමැති සඳහන් කළේය.

ජනාධිපතිවරයා, අගමැතිවරයා, කතානායකවරයා සහ විපක්ෂ නායකවරයා නිල බලයෙන් මෙම සභාවට පත්ව සිටින අතර ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය පාඨලී චම්පික රණවක, අගමැතිගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා, සුළු පක්ෂ නියෝජිතයෙක් ඇතුළු හත් දෙනෙක් දැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත් කරනු ලැබ සිටිති.

වීඩියෝ - ලහිරු හර්ෂණ