‘ස්වාධීන උසාවි නැත්නම් ආයෝජනත් නැති වේවි‘


ශ්‍රී ලංකා අධිකරණයේ ස්වාධීණත්වයට අනතුරක් හෝ පීඩාවක් කිරීමෙන් විදේශ ආයෝජන කෙරෙහි බලපෑමක් ඇතිවන්නේ යැයි ඇමෙරිකා රජය වොෂින්ටන් නුවරදී ප්‍රකාශ කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට එරෙහිව ශිරාණි බණ්ඩාරනායක මහත්මිය හා සම්බන්ධ දෝෂාභියෝග ක්‍රියාවලිය ඉදිරියට ගෙන ගිය බවත්, එය හිතකර ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මවලට එය පටහැනි බවත්, රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක වික්ටෝරියා නූලන් පැවසුවාය.

මහා බ්‍රිතාන්‍ය, කැනඩාව යුරෝපා හවුල හා එක්සත් ජාතීන්ගේ සංවිධානය ද මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් බලවත් කණස්සල්ල පළ කර ඇතැයි ද ඇය කීවාය.

 ප්‍රශ්නය - ශ්‍රී ලංකාව ඒකාධිපති ආණ්ඩුවක් කරා ගමන් කරනවාද?

නූලන් - මේ බලන්න. ශ්‍රී ලංකාවේ යහපත් ප්‍රජාතන්තවාදය පිළිබඳ බරපතල ප්‍රශ්න ඇති වන බව අප හිතනවා. ඔවුනට ඒ තත්ත්වය මඟ හැර ගැනීම සදහා හොඳට මහන්සි වී වැඩ කරන්න වේවි.