‘ස්පයිඩර් මෑන් ’ කොළඹ එයි


 

ජනප්‍රිය ‘ස්පයිඩර් මෑන්’ අද උදේ කොළඹ නගර ශාලා භූමීයේ ඔහුගේ දස්කම් විස්කම් ප්‍රදර්ශනය කළේය.

ශ්‍රී ලංකාවේ තිරගත කිරීමට නියමිත චිත්‍රපටයක පුර්ව ප්‍රචාරය වෙනුවෙන්  සිලෝන් තියටර් සමාගම ‘ස්පයිඩර් මෑන්’ හා ඔහුගේ පිරිස නගර ශාලාවට රැගෙන ආ බව දැනගන්නට ඇත.

විකට චරිත සුපිරි වීරයකු වන ස්පයිඩර් මෑන් ප්‍රබන්ධයකි. ඇමෙරිකා ජාතික ස්ටැන් ලී  ලේඛකයාත් ස්ටීව් ඩිට්කෝ චිත්‍ර ශිල්පියාත් මේ චරිත 1962 අගෝස්තු මාසයේදී නිර්මාණය කළහ.

ස්ටැන් ලී ගේ  වත්කම ඩොලර් කෝටී පහකි.(රුපියල් කෝටි 660කි)

මිනිසුන්ට කළ නොහැකි බොහෝ දේ කිරීමට ස්පයිඩර් මෑන් ඇතුළු ඔහුගේ ගෝල පිරිස යොදා ගනු ලැබ සිටී.