‘සර්ප එන්නත බාලද ?
සර්පයන් දෂ්ඨ කිරීමෙන් රෝහල් ගත කරන්නවුනට දෙන ප්‍රති විෂ නාශක ගුණාත්මක තත්ත්වය පිළිබඳ ගැටළුවක් ඇතැයි අනුරාධපුර රෝහලේ කායික රෝග විශේෂඥ ඒ.කේ. බණ්ඩාරනායක මහත්මිය කියන්නීය. විෂ උග්‍රවීමක් ද එසේත් නැත්නම් එන්නතේ ප්‍රමිතිය ගැන දෙවතාවක් සිතන්නට සිදුවී ඇතැයි ඕ කියන්නීය. පසුගිය මාසයේ රෝගීන් තිදෙනකුම මරණයට පත්වීම නිසා වෛද්‍යවරුන් අතර මේ ප්‍රශ්නය මතුවී ඇත. රෝහල් අධ්‍යක්ෂ දොස්තර ඩබ්ලිව්.එම්. ටී.බී විජේකෝන් මහතා කියනුයේ ඖෂධයේ ගුණාත්මක තත්ත්වය ගැනි කිසිත් කිව නොහැකි නමුත් වෛද්‍යවරැන් එම එන්නත ගැන දැක්වූ අදහස් සෞඛ්‍ය අමාත්‍යංශයට යැවූ බවයි.

