‘සරසවි සිසුන්ට හිරිහැර එපා‘


විශ්ව විද්‍යාල සිසුනට එරෙහිව ඒකපාර්ශ්විකව ක්‍රියා නොකරන ලෙසත්, ඔවුන් සම්බන්ධ වැරදි තොරතුරු මත ක්‍රියා නොකරන ලෙසස් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා පොලිසියට අද අවවාද කළේය.

සම සෞඛ්‍ය උපාධිය කප්පාදු කිරීම සම්බන්ධයෙන් පැවැත්වූ උද්ඝෝෂණයක දී අත්අඩංගුවට ගත් සිසුන් 17 දෙනා සම්බන්ධයෙන් පොලිසිය උසාවිය ද නොමඟ යවා ඇතැයි සිසුන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී සාලිය පීරිස් මහතා ප්‍රකාශ කළේය.

රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත සිසුහු මුදා හරිනු ලැබූහ.