‘සරණාගතයා හොරට තෙලූත් අරන්


මහා බි‍්‍රතාන්‍යයේ රැකවරණ පතා ගිය ශ්‍රී ලාංකිකයෙක් හොර ඉන්ධන කාඞ් මගින් ඉන්ධන හලකින් තෙල් ලබාගෙන වංචා කිරීමට අමතරව මිනිහකුට බේස් බෝල් පිත්තකින් පහරදුන්නැයි නඩුවකට මුහුණපා සිටියි. ඔහුට ඇපදීම ද ප‍්‍රතික්ෂේප විය. කිංස්ටන් ගාඩියන් පත‍්‍රය වාර්තා කරනුයේ හජේන්ද්‍ර සරවනබවානන්ද (26) තවත් පෙට‍්‍රල් හල් කලමනාකරුවකු වන ගනේෂමුර්ති නිත්‍යකුමාර්ට තර්ජනාක්මක දුරකථන පණිවිඩයක් යැවීයැයි ද ඔහුට එරෙහි තවත් චෝදනාවක් ඇති බවයි. ඔහුගේ ප‍්‍රහාරයකට ලක්වී ඇත්තේ මෝචලිංගම් ජෙගදාසන් නම් මත්පැන් හල් සේවකයෙකි. තෙල් ගරාජයකින් පවුම් 967ක් (රුපියල් 170190) භාණ්ඩ හා මත්පැන් සොරකම් කළැයිද චෝදනාවකි.