
(සුජිත් හේවාජුලිගේ )
චීනයේ සයිනොවැක් කොරෝනා එන්නත ඉදිරි මාස දෙකේදී මෙරටදීම නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
චීන -ශ්‍රී ලංකා හවුල් නිෂ්පාදනයක් ලෙස මෙය නිෂ්පාදනය කෙරේ .
මේ අතර සයිනොපාම් එන්නතේ මාත්‍රා ලක්ෂ විස්සක් ලබන ජූනි මාසයේ දී දිවයිනට ලැබීමට නියමිතය.

