‘සමෘද්ධි පනත හිතුමතේ වෙනස් කරන්න බෑ’- එස් බී


(විනීතා එම් ගමගේ)


සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට පවරා ගැනීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර කැමැත්ත අවශ්‍ය බව සමෘද්ධි විෂය භාර හිටපු අමාත්‍යවරයකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පැවසීය.


එමෙන්ම එම තීරණය කිසිසේත් අනුමත කළ නොහැකි  බව ද හෙතෙම සඳහන් කරයි.

 
සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ ඊයේ (6) පැවැති එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය අමතමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමෘද්ධි බැංකුවේ පාලනය මහ බැංකුව යටතට පත් කිරීමට පියවර ගන්නා බවට කළ සඳහන පිළිබඳ අදහස් දක්වමින් දිසානායක මහතා මේ බව පැවැසීය.


හිටපු අමාත්‍යවරයා පවසන්නේ සමෘද්ධි පනත හිතුමතේ වෙනස් කරන්නට හැකියාවක් නොමැති බවකි.