‘ මහින්ද මහත්තයාගේ බලය බිඳින්න බැරියයි බොහෝ දෙනා කිව්වා. තව අවුරුදු 20ක් යන බව කිව්වා. නාමල් මහත්තයාට රට ගියාම තමයි වෙනස් වෙන්නේ කිව්වා. නමුත් මහින්ද මහත්තයා පරාජය කළා. පසුගිය ජනපතිවරණයේ දී ඔවුන් උපරිම රාජ්‍ය බලය පාවිච්චි කළා. අවිස්සාවෙල්ල, හෝමාගම, කැස්බෑව වගේ ආසන මහින්ද මහත්තයා ජයගත්තේ සමෘද්ධිලාභීන් නිසයි. මෙවර ඔවුන්ගේ සහාය ලැබෙන්නේ නෑ. එ නිසා අපි අවිස්සාවේල්ල ආසනයත් ජය ගන්නවා.‘ යි විදුලිබල ඇමැති පාඨලී චම්පික රණවක මහතා අවිස්සාවේල්ලේ රැලියක දී කීවේය.
පස් වැදෑරුම් පිළිවෙතක් ඔස්සේ ඉදිරි අවුරුදු පහේ රට කරන බව ද ඔහු පැවසීය.

