හිටපු ජනාධිපති මහින්ද රාපක්ෂ මහතාට වත්මන් රජය යටතේ නාමයෝජා ලබා නොදීමට තීන්දු කර ඇතැයි හිටපු ජනාධිපති චන්ද්‍රීකා කුමාරතුංග මහත්මිය මාතලේ සිංහල හා මුස්ලිම් එකමුතුව ඇයගේ 70 වැනි උපන්දින සැමරුම වෙනුවෙන් පැවැත්වූ උත්සවයකට එක්වෙමින් කීවාය.
‘පක්ෂය පක්ෂය කිය කියා විවිධ ආකාරයේ ජරා සත්තු බිහිවෙලා රට විනාශ කරනවා. අපට අවශ්‍යය වෙලා තියෙන්නේ මම ගැන හෝ පක්ෂය ගැන නොසිතා රට ගැන සිතන්නයි. දැන් එක එක්කෙනා දඟලනවා මට ආයේ බලයට එන්න ඕනේ, මට අගමැතිකම් ඕනේ ,ජනාධිපතිකම ඕනේ කිය කියා. මේක නම් විලි ලැජ්ජාවක්නේ. මම ඒ ගොල්ලො වගේ පැරදිලා නෑ. වැදගත් විදිහට දෙවතාවක් ආණ්ඩුකරලා අවුරුදු නවයක් ගෙදර හිටියා.මටත් බස් වලින් මිනිස්සු ගේන්න තිබුනා. මම එහෙම කළේ නැහැ. ඕකට එච්චර බයවෙන්න ඕනේ නැහැ. අපි පක්ෂ දෙකක් විදිහට වෙන වෙනම තරග කරනාවා ගහ මරාගන්නේ නැතිව. හැබැයි ඡන්දෙන් පස්සේ අපි එකතුවෙනවා. අපිට අවශ්‍ය මේ රටේ ගහමරාගන්නැති දේශපාලන යුගයක් ඇතිකරන්න’’ යැයිද කුමාරතුංග මහත්මිය පැවසීය.




