‘සමරිසි පිරිමි අතර ඒඩ්ස් වැඩිවෙයි‘


(රේඛා තරංගනී ෆොන්සේකා)

පසුගිය වසරවල කරණු ලැබූ සමික්ෂණයකින් සමරිසි පිරිමින් 7500ක් හඳුනාගත් බවත් කරණු ලැබු රුධිර සාම්පල් පරික්ෂාවන් ලක්ෂ 12කින් ඒඩ්ස් අසාධිතයන් 280ක් වාර්තා වු බවත් ශ්‍රි ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂක වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසයි.

2016 වර්ෂයේ ඒඩ්ස් ආසාධිත රෝගින් කාන්තා පුරුෂ ළමා ලෙස රෝගින් 249 වාර්තා වු බව සඳහන් කරන අධ්‍යක්ෂකවරයා 2017 වර්ෂයේ වාර්තා වු ඒඩ්ස් ආසාදිත රෝගීන් අතරින් වැඩි පිරිසක් සමරිසි පිරිමින් බව ද පැවසීය.

ආරක්ෂිත කොන්ඩම් භාවිතා නොකර අනාරක්ෂිතව ලිංගික ක්‍රියාවලියේ යෙදීම මෙම  සමාජ රෝග පැතිරීමට ප්‍රධාන හේතුවක් බව පෙන්වා දෙන ලියනගේ මහතා මීට අමතරව සිපිලිස් ගොනෝරියා රෝගින්ද හමු වු බව පැවසීය.

ඒඩ්ස් ඇතුළු සමාජ රෝග වැලඳුන රෝගින්ගේ වැඩිම වාර්තාව කොළඹ ,ගම්පහ, ගාල්ල, කඵතර, කුරුණෑගල යන දිස්ත්‍රික්කයන්ගෙන් වාර්තා වු බව ද ඔහු කීය.