‘සන්ධානේ අය බලු කපුටු ආත්මෙන් මුදා ගන්න අලියාට ඡන්දෙ දෙන්න‘


රාජ්‍ය දේපල හොරා කන අය මීළඟ ආත්මයේදී බල්ලන් කපුටන් වී උපදින බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කර ඇති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයින්ට ඡන්දය දුනහොත් ඔවුන් ළඟ ආත්මයේදී බල්ලන් හා කපුටන් වී උපදින බැවින් ඔවුන්ට අනුකම්පා කර ඡන්දය නොදී බල්ලන් කපුටන් වී ඉපදීමෙන් ඔවුන්ව මුදවා ගන්නා ලෙස සියලූ ජනතාවගෙන් ඉල්ලා සිටින බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මහනුවර පැවැති  මංගල ප්‍රචාරක  රැළිය අමතමින් පැවසීය.

ලබන අගොස්තු 17 වැනිදායින් පසුව බිහිවන එජාප ආණ්ඩුවෙන් ආර්ථික සංවර්ධන කලාප 45 ක් රට පුරා ආරම්භ කර කර්මාන්ත මෙන්ම  තාක්ෂණය ගෙනවිත් තරුණ තරුණියන් ලක්ෂ 10 කට රැකියා ලබා දෙන බවත් අගමැතිවරයා එහිදී කීවේය.

web