එක්සත් ජාතික පක්ෂයට කිසි ගැටළුවක් නෑ මෙවර මහ මැතිවරණය ජයග්‍රහණය කරල අගමැති වෙන්නෙ කියලා. නමුත් සන්ධානයේ හිටපු ජනපති තරග කළත් සන්ධානය තුළ අගමැති අපේක්ෂකයකු නම් කිරිම ගැටලුවක් වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ යටිනුවර අපේක්ෂක මයන්ත දිසානායක මහතා අද (13) දවුලගල පැවැති උත්සවයකදි පැවැසිය.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති තුමා අගමැති විමට යාම හරහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තුළ සිටින අගමැති පුටුව බලාගෙන ඉන්න නිමල් සිරිපාල සිල්වා, අනුර ප්‍රියදර්ශන , සුසිල් ප්‍රේම්ජයන්ත වැනි ජ්‍යෙෂ්ඨයන්ට ගැටළුවක් බවත් එක්සත් ජාතික පක්ෂය තුළ එවැනි ගැටලුවක් නැති බවත් සන්ධානය තුල අගමැති පුටුව වෙනුවෙන් ඇතුලේ ලොකු අරගලයක් ඇති වන බවද ඒ මහතා කීවේය.

