ද්විත්ව පුරවැසි භාවය හිමි බව කියන ඩලස් අලහප්පෙරුම හා මනෝජ් සිරිසේනගේ නාමයෝජනා සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ මාතර කණ්ඩායම් නායක සුනිල් හඳුන්නෙත්ති මහතා මතාර තේරීම්භාර නිලධාරී ඊ ඒ සී විදානාච්චි මහත්මියගේ ප්‍රකාශයෙන් පසු පැවසීය.
ඇමෙරිකා පුරවැසි භාවය හා ශ්‍රී ලංකා පුරවැසි භාවය හිමි බව කියන ඩලස් අලහප්පෙරුමට සහ ඕස්ට්‍රේලියා සහ ශ්‍රී ලංකා පුරවැසිභාවය හිමි බව කියන මනෝජ් සිරිසේනගේ ද නාමයෝජනා ප්‍රතික්ෂේප කරන ලෙස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයේ 91 වැනි වගන්තියේ 20 වැනි ඡේදය අනුව විරෝධතා ඉදිරිපත් කර තිබිණි.



